• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගංවතුරින් විපතට පත් ජනතාවට රජය ලබාදෙන වියළි ආහර සළාකය අඛණ්ඩව

gayantha karunathilakeගංවතුර හා නාය යෑම්වලින්  විපතටපත් ජනතාවට දැනට නොමිලේ ලබාදෙන වියළි ආහාර ද්‍රව්‍ය සළකය ඔවුන් නැවත පදිංචියට යන තෙක් අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර තිබේ.

 




එමෙන් ම මෙම ආපදවලදී හනියට පත් වී ඇති නිවාස රජය මඟින් අලුත්වැඩියා කරදීමටත් අනවසර නිවාස ඉදිකොට  පදිංචි වී සිටි අයට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබාගෙන නිවාස තනාදීමට අමාත්‍යමණ්ඩලය තීරණය කොට  ඇති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අමත්‍යවරයා මේ බව පැවසී ය. විපතට පත් අනවසර පදිංචිකරුවන් යළි  පදිංචි කරවීම සඳහා අවශ්‍ය ඉඩම් සොයා දෙන ලෙස ඉඩම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවද පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.