• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝකය තුළ ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය

ForienM news 06 01ලෝකය තුළ ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.



අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (31) පස්වරුවේ විදෙස් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි. රටතුළ ඇති වූ ආපදා  තත්ත්වය හමුවේ, විපතට පත් ජනතාවගේ ජන ජීවිතය නගා සිටු වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලබා ගැනීම වෙනුවෙන් මෙම හමුව කැඳවා තිබිණි.


මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ජපානය, චීනය, ඉන්දියාව, රුසියාව ආදී ලොව ප්‍රධාන පෙළේ රටවල් ඇතුළු රටවල් 134ක තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සහභාගී වුහ. 


මෙහිදී විදෙස් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අභිනව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට සුභ පැතුම් එක් කළහ. 


සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කිරීම සඳහා සහය ලබා දෙන බවට සියළු තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සහතික වූ බවයි. මසකට වරක් හමු වී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ ව සාකච්ඡා කිරීමට තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු මෙම හමුවේදී එකඟතාවයකට පැමිණි බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කීය.


ආපදා තත්ත්වය හමුවේ, විපතට පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටු වීම සඳහා දැනටමත් රාජ්‍යයන් 24ක්  සහනාධාර සහ මුල්‍යාධාර ලබා දී ඇති බවද අමත්‍යවරයා කියා. 


මෙම සාකච්ඡාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුද සහභාගී වුහ.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.