• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයේ විධිමත් සංවර්ධන සැලසුම් කි‍්‍රයාවට නැංවීමට සියලු දේශපාලනඥයින්ගේ සහය අවශ්‍ය බව ජනපති පවසයි.

He 2017 06 2රජයේ විධිමත් සංවර්ධන සැලසුම් කි‍්‍රයාවට නැංවීමට සියලු දේශපාලනඥයින්ගේ සහය අවශ්‍ය බව ජනපති පවසයි.



ජලගැලීම්, නායයාම් වැනි පීඩාකාරී තත්ත්වයන්ට ජනතාවට මුහුණදීමට සිදුව ඇත්තේ දේශපාලනඥයින් සංවර්ධන අවශ්‍යතා වෙනුවට මනාප ඡන්ද දෙස බලාගෙන වැඩකිරීම බව ජනාධිපතිතුමා පවසයි.



සංවර්ධන කි‍්‍රයාදාමයේදී රජය නිර්දේශ කරනු ලබන යෝජනා කි‍්‍රයාත්මක කිරීමට ඉඩ නොදී ඊළඟ මැතිවරණය සඳහා ජනතාව දිනා ගැනීමට ඇතැම් දේශපාලනඥයින් කටයුතු කිරීම හේතුවෙන් මෙම විනාශකාරී තත්ත්වයට ජනතාවට මුහුණදීමට සිදුවූ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.


මෙවන් පීඩාකාරී අමිහිරි අත්දැකීමකින් පසුව හෝ සත්‍ය තත්ත්වය ජනතාවට වටහා දෙමින් රජයේ සංවර්ධන සැලසුම් කි‍්‍රයාවට නැංවීමට සියලු දේශපාලනඥයින් තම සහය ලබාදිය යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(01) පෙරවරුවේ ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.



රත්නපුර, කළුතර, ගාල්ල දිස්ති‍්‍රක්කවල සංවර්ධන සැලසුම් පිළිබඳ මීට වසර ගණනාවකට පෙර ශක්‍යතා අධ්‍යයනයන් සිදු කොට ඒවා කි‍්‍රයාත්මක කිරීමට පැවති සෑම රජයක්ම උත්සහ ගත්ත ද ඇතැම් දේශපාලනඥයින්ගේ මැදිහත්වීම් හේතුවෙන් එම කටයුතු අවහිර වූ බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.



දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අසීරුතාවයට පත්වු සියලු ජනතාවට සහන සැලසීමට කැපවූ ජනමාධ්‍ය ආයතනවලට, විවිධ පරිත්‍යාගශීලින්ට සහ ස්වේච්ඡා සංවිධාන වෙත ජනාධිපතිතුමා මෙහිදී පළමුව සිය ස්තූතිය පිරිනමනු ලැබීය.


ගාල්ල දිස්ති‍්‍රක්කයේ ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳ කරුණු විමසූ ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ සුබසාධන කඳවුරුවල වෙසෙන ජනතාව වෙනුවෙන් අඛණ්ඩවම එම සහන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන ලෙසයි.


ජනතාව වැඩි දිනක් කඳවුරුවල රඳවා සිටිය නොහැකි අතර ඔවුන් සඳහා නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා මෙම සහන වැඩපිළිවෙළේදී ප‍්‍රමුඛතා හඳුනා ගනිමින් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන්නේය.


එමෙන්ම ජලය බැස ගිය පසු ළිං පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය වතුර මෝටර් රජය මගින් ලබාදීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප‍්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා යටතේ නොමිලේ ලබාගැනීමටද නිලධාරින් උපදෙස් ලබාදෙනු ලැබීය.



ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩ බෙදාදීමේදී දේශපාලනඥයන් ඊට සම්බන්ධකර නොගෙන දිස්ති‍්‍රක් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් හරහා එම කටයුතු සිදු කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.



එමෙන්ම දිස්ති‍්‍රක්කයේ මහා මාර්ග, පාසල් සහ රෝහල්වල සිදුකළ යුතු කඩිනම් අලූත්වැඩියාවන් පිළිබඳ වාර්තාවක් ලබාදීමට ද නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා අර්ධ හානි සිදුවූ නිවාස ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ද දන්වා සිටියේය.


අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර, නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් සහ දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පළාත් අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් ද ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් එස්.ඩී. කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


මෙම සාකච්ඡාවට ප‍්‍රථම දිස්ති‍්‍රක්කයේ ආපදා සහන සේවා නිලධාරින් සමග ද හමුවකට එක් වූ ජනාධිපතිතුමා ආපදාවට ලක්වූ ජනතාවට දිරියක් වෙමින් සහන සැලසීමට ඔවුන් කළ කැපවීම ඇගයීමට ලක් කළේය.


අනතුරුව දිවයිනේ දිස්ති‍්‍රක්ක රැසකින් ගාල්ල දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් ලැබුණු සහනාධාර නිල වශයෙන් ගාල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.


පොළොන්නරුව, අනුරාධපුරය, මුලතිව්, කිලිනොච්චි, ති‍්‍රකුණාමලය, මන්නාරම, මොණරාගල, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මහනුවර, කෑගල්ල, ගම්පහ දිස්ති‍්‍රක්කවලින් මෙම ආධාර ලැබී තිබෙන අතර ආපදාවට ලක්වූ සහෝදර ජනතාව වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීම පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී සියලුදෙනාට තම ස්තූතිය පළ කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.