• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සබරගමුවේ පාසල් හෙට, අනිද්දා විවෘත වේ

schooඅපදා තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාතේ වසා ඇති පාසැල් අතුරින් රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් 14 ක් මෙම මස 6 වන  අගහරුවාදා දින  ද  සෙසු සියලු ම පාසල් මෙම මස 5 වන සඳුදා දින ද විවෘත කරන බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා සඳහන් කරයි.


මහින්ද එස්. වීරසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පහත සඳහන් විද්‍යාල 14 මෙමස 6 වන අගහරුවාදා විවෘත කරන බවය.


ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලාවෙල දෙමළ , වේරගම සුනන්ද  සහ පලාවෙල ප්‍රාථමික යන විද්‍යාලයන් ද, අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිංහලගොඩ, පිඹුර, විතානගම, අයගම ධම්මානන්ද ප්‍රාථමික, පල්ලේකඩ, ගලතුර යන විද්‍යාලයන් සහ අයගම රාහුල ම.ම විද්‍යාලය ද, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිරිබත්ගල, පාරවත්ත දෙමළ සහ පෑබොටුව යන විද්‍යාලයන් ද, කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කලවාන දෙමළ විද්‍යාලය ද යන විද්‍යාලයන් ය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.