• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සොබාදහමෙන් තොර පැවැත්මක් මිනිසාට නැත - ජනපති

heසොබාදහමේ තිරසර පැවැත්මෙන් තොර පැවැත්මක් මිනිසාට නැති බව දැන් දැන් කෙරෙන අනතුරු ඇගැවුම් හමුවේ පිළිගන්නට අපට සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

 



අදට යෙදී තිබෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.


මහා කඳු නාය යමින්, ගංගා උතුරා දෙගොඩ තලා යමින් නියං සාගත පැතිරෙමින් අපට සිහිකැඳවන්නේ සොබාදහමේ ඒ අනතුරු ඇඟැවීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එම සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.


"මිනිසා සොබාදහමේ තවත් එක් නිමැවුමක් පමණක් බව පිළිගන්නා තරමට ඔහු නිහතමානී වූයේ සියවස් ගණනාවක්ම ගෙවුණු පසුවය.


නිසි දෙය නිසි තැන්හි නිසි වර්ණ ගන්වා සැකසී තිබුණු සොබාදහම නම් අපූරු ගෙත්තම තම සිතැහි පරිදි වෙනස් කරන්නට මිනිසි දැරූ තැත අපගේ ශිෂ්ටාචාරයේ ආරම්භවය වුව ද සොබාදහමේ තිරසර පැවැත්මෙන් තොර පැවැත්මක් මිනිසාට නැති බව දැන් දැන් කෙරෙන අනතුරු ඇගැවුම් හමුවේ පිළිගන්නට අපට සිදුව තිබේ. මහා කඳු නාය යමින්, ගංගා උතුරා දෙගොඩ තලා යමින් නියං සාගත පතිරෙමින් අපට සිහිකැඳවන්නේ සොබාදහමේ ඒ අනතුරු ඇඟැවුමයි.


ඒ ඇඟැවුම් ගැඹුරින් වටහාගනිමින් සොබාදහම සමඟ සහජීවි සම්බන්ධතාවයකට යන්නට අප තවමත් ප්‍රමාද නැත.


"සොබාදහම හා බැදුණු ජනතාවක්"  තේමාව යටතේ මෙවර සැමරෙන ජාත්‍යන්තර පරිසර දිනය අපට ආමන්ත්‍රණය කරන්නේ එවැනි සහජීවි සම්බන්ධයක් සඳහා පෙළගැසෙන ලෙසය.


එනම් පරිසරය සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රජාව සතු දැනුම් චර්යාවන් හෝ ජීවන මාදිලින් දක්වා කැඳවාගෙන ඒම මෙවර සරිසර දින අපේක්ෂාවයි. පරිසරයට හිතකාමී නොවන ජීවන මාදිලින් හෝ චාර්යාවන්ගෙන් ඉවත්වීමටත් පරිසර හිතකාමී ජීවන සම්ප්‍රදායන් හෝ චාර්යාවන් පුරුදු පුහුණු කිරීමත්, මානවයාගේ පැවැත්ම හා සෘජුව බැඳී ඇති බව එහි අදහසයි.


මෙම අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් සැමරෙන ලෝක පිරිසර දින වැඩසටහන් සියල්ල සාර්ථක වේවා යි ප්‍රාර්ථනය කරන අතර, පරිසරයේ චීර පැවත්ම වෙනුවෙන් කටයුතු කරන පරිසර හිතාකාමී සියලු පිරිස් සමඟ මම ද එක්වෙමි. "

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.