• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් දරුවන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩසටහනක්

hon akila virajහදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ මනෝඋපදේශන වැඩසටහනක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.


මව්පියන්, සහෝදරියන්, නෑ හිතමිතුරන් අහිමි වීමෙන් සහ දේපළ අහිමි වීමෙන් පීඩාවට පත් පාසල් දරුවන්ගේ මානසික ශක්තිය ගොඩනංවමින් ඔවුන් නැවතත් ශක්තිමත් පුරවැසියක් ලෙස සමාජගත කිරීමේ අරමුණින් මෙම විශේෂ මනෝ උපදේශන වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.


දැනට දිවයිනේ සෙසු පාසල්වල ද සේවයේ නියුතු මනෝ උපදේශන ගුරුවරුන්ගේ සහ වගකිවයුතු අනෙකුත් සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලබාගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතයි.


මෙහි දී ජාතික පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන් ප්‍රමුඛ සිසුන් සම්බන්ධ කර ගනිමින් පීඩාවට පත් ප්‍රදේශවල දරුවන් සමඟ දුක-සතුට හුවමාරු කර ගැනීමේ සහවේදන වැඩසටහනක් ද මීට සමඟාමී ව ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.