• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදා තත්ත්වයෙන් විනාශයට පත් නිවාස ඉදිකරදීමේ වැඩසටහන සඳහා ඇමරිකන් රජයෙන් රුපියල් මිලියන 350ක මූල්‍ය පරිත්‍යාගයක්

He news 2017 6 5අයහපත් කාලගුණයත් සමඟ සිදු වූ ගංවතුරෙන් සහ නායයාමෙන් විනාශයට පත් නිවාස ඉදිකරදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ඇමරිකන් රජයේ සහය ලබාදෙමින් රුපියල් මිලියන 350ක මූල්‍ය පරිත්‍යාගයක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම පසුගිය (03)  ජනාධිපති නිල නිවසේදී සිදු විය.



ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.


තවද මෙරට තරුණ තරුණියන්ගේ ශිල්පීය ඥානය වැඩිදියුණු කිරීම උදෙසා ඩොලර් මිලියන 12ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ඇමරිකන් රජය කැමැත්ත පළ කර තිබෙන අතර වසර 04ක කාල පරාසයකට අනුව එම පරිත්‍යාගය සිදු කිරීමට නියමිත බව ඇමරිකන් තානාපතිවරයා මෙහිදී පැවසීය.



ආපදාවට ලක් වූ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක මේ වන විට ඇමරිකන් නියෝජිත පිරිසක් නිරතව සිටින අතර, එම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඇමරිකන් තානාපතිවරයා ප‍්‍රකාශ කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.