• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවෙන් විපතට පත් ජනතාව බැලීමට කථානායකවරයා මාතර සහ ගාල්ලට

karu jayasooriya pic 2017 6 5ගංවතුරින්  විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු පිළිබඳ ව සොයාබැලීම සඳහා යළිත් වරක්  පසුගිය (03) මාතර, ගාල්ල දිස්ත්‍රික්ක වෙත ගිය කථානායක කරු ජයසුරිය මහතා, තිහගොඩ, කඹුරුපිටිය, අකුරැස්ස, අතුරලිය,  තවලම,  නෙළුව,  නාගොඩ,  බද්දේගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාල  වෙත  ගොස් රාජ්‍ය නිලධාරීන් හමු වී  ඉදිරි අවශ්‍යතා පිළිබඳ ව සාකච්ජා පැවැත්විය.


මෙහිදී ගංවතුරෙන් බලවත් ලෙස හානියට පත් වූ තිහගොඩ, අතුරලිය කඩවීදිය, කඹුරුපිටිය, ගථාරබැම්ම, පිටබැද්දර නගරය, නාගොඩ, නෙළුව හා තවලම ප්‍රදේශවල ජනතාව හමුවූ කරු ජයසුරිය මහතා ඔවුන් පත්ව ඇති තත්ත්වයෙන් මුදාගැනීමට හැකි  ඉක්මනින් පියවර ගනු  ලබන බවට  විශ්වාසය  පලකරමින් ජනතාව දිරිමත් කිරීමට කටයුතු කළේය.​

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.