• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පටු අරමුණු පදනම් කර ගත් සැලසුම්වල අහිතකර ප්‍රතිඵල දැන් රටට දැනී තිබේ

hon ravi karunanayake news2017 6 5පටු අරමුණු පදනම් කර ගත් සැලසුම්වල අහිතකර ප්‍රතිඵල දැන් රටට දැනී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.


අමත්‍යවරයා පෙන්වා දෙන්නේ ලෝක කාලගුණික තත්ත්වයන්ගේ පරිවර්තනයත් සමඟ ඊට ගැලපෙන සැලසුම් සකස් කිරීමේ කාලය දැන් පැමිණ ඇති බවයි.


අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් වූ ජනතාවගේ සුව දුක් බැලීම සඳහා ඊයේ (04) එම ප්‍රදේශයේ සිදු කළ  සංචාරයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.


ආපදාවට ලක්වුවන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රවී කරුණානායක මහතා මාතර  දිස්ත්‍රික්කයේ වේරගම්පිටිය, පිනිදුව සහ නානුගම ප්‍රදේශවල සංචාරය කරනු ලැබීය. අමත්‍යවරයා මුලින්ම ගමන් ගනු ලැබුවේ, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටය. එහිදී, ආපදා සහන නිලධාරින් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කළේය. විදේශයන්ගෙන් ලැබෙන සහනාධාර නිසි ක්‍රමවේදයක් යටතේ බෙදාහැරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රවී කරුණානායක මහතා දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගෙන් ඉල්ලීමක් කළේය. ජනතාවගේ අවශ්‍යතා සඳහා තවදුරටත් අඩුපාඩු පවතින්නේ නම්, ඒ පිළිබඳ ව දැනුවත් කරන ලෙසද  කරුණානායක මහතා ආපදා සහන නිලධාරීන්ට දැන්වීය.


මෙම සංචාරයේදී අමත්‍යවරයා මාතර නගරය ආසන්නව පිහිටි වේරගම්පිටිය, පිනිදුව සහ නානුගම යන ප්‍රදේශවල ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව හමු වී ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීය. ජනතාව අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ දේපල හානි වෙනුවෙන් තමන්ට ආධාර උපකාර කරන ලෙසයි. එහිදී අමත්‍යවරයා පෙන්වා දුන්නේ මෙවැනි ස්වභාවික විපතකදී මුහුණ දීම සඳහා තමා මුදල් අමාත්‍යවරයාව සිටියදී හදුන්වා දුන් ජාතික රක්‍ෂණ ක්‍රමවේදය මගින් අවශ්‍ය වන්දි ලබා දීමට රජය පියවර ගෙන ඇති බවයි. රජයක් හැටියට හඳුන්වාදෙන එවැනි සැලසුම් ක්‍රියාවට නැංවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවද අමාත්‍යවරයා කීය.


නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ, තම ඉල්ලීම පරිදි විදේශ රටවල් රැසක් දැනටමත් විශාල සහනාධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ඒවා ඇති බවයි. තමන් සතු විදේශ සබඳතා අනුව තවදුරටත් ජාත්‍යන්තරයෙන් සහාය ලබා ගැනීමට ක්‍රියා කරන බවද අමත්‍යවරයා කීය. ප්‍රදේශයේ අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා අදාළ නිලධාරීන්ට ද අමත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය. 


"ස්වාභාවික විපතකදී ලෝකයේ වෙනත් රටවල් කටයුතු කරන අකාරය අනුව මම 2016 වසරේ අයවැයට ජාතික රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒක ලෝක බැංකුවෙත් පැසසුමට ලක් වුණා. ඒ අනුව ලෝක බැංකුව, වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම රක්‍ෂණ ක්‍රමවේදය හඳුන්වලා දෙන්න පියවර ගෙන තිබෙනවා. 


1948 දී ශ්‍රී ලංකාව හා ජපානයේ ආර්ථිකය සම තත්ත්වයක තිබුණේ. අද අපි කොතනද ඉන්නේ ජපානය කොතනද ඉන්නේ. ඒ රටවල අගමැතිවරු දිර්ඝකාලින සැලැස්මක් සහිතව වැඩ කළා. අපේ රටේ එවැනි දිර්ඝකාලින සැලැසුම් නොමැති වීමේ අහිතකර ප්‍රතිවිපාකවලට දැන් රටම මුහුණ දී සිටිනවා.


විදේශ රටවල් අපේ රටට සහාය දෙන්න විශාල උත්සහයක් ගන්නවා. ඔවුන්ට අපි පෙන්වා දිය යුතුයි මොනවගේ අවශ්‍යතාවයක්ද අපට තියෙන්නේ කියලා. විදේශ කටයුතු ඇමතිවරයා ලෙස මම තානාපතිවරුන්ගෙන් හා මහ කොමසරිවරුන්ගෙන් කළ ඉල්ලීම්වලට මේ වනවිට ඉහල ප්‍රතිචාර ලැබී තිබෙනවා.”


යැයිද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.