• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පුවත්පත් මණ්ඩලය පුවත්පත් පැමිණිලි වලින් ඔබ්බට ගොස් ක්‍රියා කිරීම වඩාත් වැදගත් වේ

Hon lasantha alagiyawannaපුවත්පත් මණ්ඩලය පුවත්පත් පැමිණිලි වලින් ඔබ්බට ගොස් ක්‍රියා කිරීම එම ආයතනයේ ඉදිරි ක්‍රියාමාර්ගය ට වඩාත් වැදගත් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (06) පෙරවරුවේදී  ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී  සංවිධානය කරනු ලැබූ වැඩසටහනකට එක් වෙමිනි.


ජාතික පුනරුදය හා ආගමික ප්‍රකාශන යන්න තේමාව කර ගනිමින් මෙම දේශනමය වැඩමුළුව පැවැත්විණ.


එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අතීතයේදී පුවත් පත් මණ්ඩලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ, පුවත් පත් සම්බන්ධයෙන්  ඇතිවන්නා වූ ගැටලු සඳහා සෘජු ලෙස මැදිහත් වීමයි. නමුත් අද වන විට මෙම තත්ත්වයෙන් වඩාත් ඔබ්බට යමින් පොදු මහජනතාව, පාසල් සිසුන්,  විශ්වවිද්‍යාල සිසුන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් වෙනුවෙන් විවිධ වැඩමුළු, දැනුම්වත් කිරීම්, පාඨමාලා ඇතුළු අංග විශාල ප්‍රමාණයක් සංවිධානය කරමින් විශාල කර්තවයක් මෙම ආයතනය මගින් සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


එහිදී තවදුරටත් අමාත්‍යවරයා පැවසුවේ, වර්තමානයේ පුවත්පත් මණ්ඩලය වෙත වසරකට පැමිණිලි 100ත් 150ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවත්, ඒවා සම්බන්ධයෙන් එහි නිලධාරීන් වගකීමෙන් යුතුව ක්‍රියා කරන බවත්ය.  එසේ හෙයින් පුවත්පත් මණ්ඩලයේ සිය වගකීම් මේ වන විට වඩාත් පුළුල් කර ඇති හෙයින් ඉදිරියේදී පුවත්පත් මණ්ඩලයට පැමිණෙන පැමිණිලි වල වඩාත් අඩුවීමක් අපේක්ෂා කර ගත හැකි වන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.


 
මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස, ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා, අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.