• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හදිසි ආපදා තත්ත්වයෙන් මියගිය ජනතාව වෙනුවෙන් පින් අනුමෝදනා කිරීමේ සහ රටට සෙත් පැතීමේ සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක්

He news 2017 06 5ගංවතුර හා නායයෑම්වලින් මියගිය සියලු දෙනා වෙත පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මෙන්ම සමස්ත ශ‍්‍රී ලංකාවාසී ජනතාවට හා රටට සෙත්පැතීම සඳහා සිදුකරනු ලබන සර්වරාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනය ඊයේ (05) දින නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ.


අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගීත්වෙන් මෙම පරිත‍්‍රාණ ධර්ම දේශනාව සිදුකිරීමට නියමිතය.

මෙම පුණ්‍යෝත්සවය සඳහා මහා සංඝරත්නය එදින ප.ව 5.00 ට පමණ කොළඹ 07, ආර්.ජී සේනානායක මාවතේ, ශ‍්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට දර්ශනීය පෙරහරකින් නිදහස් චතුරස‍්‍රය කරා වැඩමකරවීමට නියමිත අතර ප.ව 6.00 ට පරිත‍්‍රාණ ධර්ම දේශනය ආරම්භ කිරීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.