• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අධ්‍යාපන අමාත්‍යවරයා පාහියන්ගල සංචාරයක

pahiyan 2017.06 07නාය යාමේ අවදානමට ලක්ව ඇති ඓතිහාසික පාහියන් ලෙන පිළිබඳ බහු විෂයික වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.




අමාත්‍යවරයා මේ උපදෙස් ලබාදෙන ලද්දුදේ පසුගිය (04) පාහියන් ලෙනෙහි වර්තමාන තත්ත්වය පරීක්ෂා කිරීම පිණිස එම පරිශ්‍රය වෙත ගොස්, අදාළ විෂයභාර විද්වතුන් සහ නිලධාරීන් සමඟ සිදුකළ තොරතුරු විමසා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව පුරාවිද්‍යා, ඉංජිනේරු, වාස්තුවිද්‍යා, භූ ගර්භ විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර රැසක විද්වතුන් සම්බන්ධ කර ගනිමින් අදාළ වාර්තාව කඩිනමින් කැඳවීමට පියවර ගෙන තිබුණි. පුරාවිද්‍යා, ඉංජිනේරු, වාස්තුවිද්‍යා, භූ ගර්භ විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර රැසක විද්වතුන් මේ සඳහා සම්බන්ධ කර ගනිමින් මෙම වාර්තාව ලබා ගැනීමට නියමිතයි.


මීට අමතරව නාය යාමේ අවදානම හේතුවෙන් අසල විහාරස්ථානයේ වැඩවසන 30 නමකට ආසන්න භික්ෂූන් වහන්සේගේ ජීවිතාරක්ෂාව පිළිබඳ අවදානමක් මතුව ඇත. අදාළ අංශ විසින් මේ පිළිබඳ අනතුරු අඟවා ඇති බැවින් උන්වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් තාවකාලික ආවාසයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ද අමාත්‍යවරයා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී ඇත.


වසර 58000ක ප්‍රාග් ඉතිහාසයකට උරුමකම් කියන, ශ්‍රී ලංකාවේ විශාලත ම ස්වභාවික ගල් ලෙන ලෙස ප්‍රකටව ඇති ඓතිහාසික පාහියන් ලෙන අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර දීම ජාතික වගකීමක් වන බවත්, විශේෂයෙන් ම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විශාල පිළිගැනීමක් ඇති, සංචාරක, ඓතිහාසික, මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් ද යුත් මෙම ‍‍ස්ථානය ආරක්ෂාකර ගැනීම සම්බන්ධව පූර්ණ අවධානය යොමු කර අදාළ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ යුතු බවත්,  අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.