• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඛෙන්තර, උඩකොටුව බෝධිසමීප භීමතිත්ථ රාජමහා විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

He news 2017 6 6 3ඛෙන්තර ඓතිහාසික උඩකොටුව බෝධිසමීප භීමතිත්ථ රාජමහා විහාරාධිපති පූජ්‍ය ඛෙන්තර ජිනානන්ද ස්වාමින් වහන්සේට ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබද සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ සහ විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවැත්විණි.


ඛෙන්තොට පුරවරයට මහත් ආශිර්වාදයක් ගෙනෙන හා දෙස් විදෙස් ජන ආකර්ෂණයට ලක්වන අයුරින් ඛෙන්තර ගංතෙර අසබඩ ගල්තලාව මත සමාධි මුද්‍රාවෙන් යුතු මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර තිඛෙන අතර සමරු ඵලකය නිරාවරණය කර බුද්ධ ප්‍රතිමා වහන්සේ ජනතා වන්දනාමානය සදහා විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.


ශාස්ත්‍රපති, ඛෙන්තර ජිනානන්ද හිමිපාණන් වහන්සේගේ ආගමික සහ සමාජයීය මෙහෙවර සහ ධර්මධර, විනයධර, උගත් සිල්වත් ගුණය අගයමින් කල්‍යාණිකාරක සංඝසභාව විසින් සද්ධර්ම කීර්ති ශ්‍රී අත්ථදස්සි ගෞරව නාමය සහිත ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් උන්වහන්සේ පුදනු ලැබ තිඛෙන අතර අභිනව මහා නායක හිමිපාණන් වහන්සේ වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.


පුණ්‍යෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ විසින් සිදු කළ අතර පළාතේ ගෞරවනීය මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුථ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහ ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.