• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම වේ

esala peraheraමෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ජුලි මස 24 දින කප් සිටුවිමේන් ආරම්භ වී  2017 ජූලි මස 29 දින සිට අගෝස්තු 07 වන දින දක්වා පැවත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පවසයි. දියවඩන නිලමේවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (6) මහනුවර ශ්‍රී දළදා මළිගාවේ ශ්‍රවනාගාරයේ පැවති පෙරහැර සංවිධාන කමිටු රැස්වීමේදීය.



ඒ අනුව 2017 ජූලි 29 දින රාත්‍රි 6.54 ට දකුණු දිශාභිමුඛව ප්‍රථම කුඹල් පෙරහැර දළදා වීදිය, ඩී එස් සේනායක වීදීය, ඔස්සේ පන්සල පාරන් ඉහළට පැමිණ දේව වීදිය,කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.


ප්‍රථම රන්දෝලි පෙරහැර අගෝස්තු 03 වන දින රාත්‍රි 6.14 ට වයඹ දිශාභිමුඛව පෙරහැර පිටත්ව දළදා වීදිය, ඩි එස් සේනායක වීදිය, පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය ,කෙළඹ විදිය,ඊ.එල්.සේනානයක වීදිය ,රජවීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීමට නියමිතය.


අවසන් රන්දොළි පෙරහැර අගෝස්තු 07 වන දින වීදි  සංචාරය කිරිමෙන් අනතුරුව අගෝස්තු 08 වන දින දිය කැපුම් මංගල්‍ය හා දවල් පෙරහැරින්  ඇසල පෙරහැර මංගල්‍ය අවසන් වන බවද දියවඩන නිලමේවරයා ප්‍රකාශ කරන ලදී. පෙරහැර මංගල්‍ය පැවැත්වීමෙන් අනතුරු පෙරහැර ශිල්පීන්ට සම්මාන සහ සහතික ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.