• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තෙත් මාළු, සීනි - වෙළඳ භාණ්ඩ බද්දේ වෙනසක්

fishලෝක වෙළඳ පොළේ සීනි මිල සීඝ්‍රයෙන්  අඩු වී ඇති බැවින් එහි වාසිය දේශීය සීනි කර්මාන්ත කරුවන්ට සැලසීමට හැකි වන පරිදි ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.13/- සිට රු. 23/- දක්වා වැඩි කර ඇත.
2016 වසරේ ඔක්තෝම්බර් වන විට රු.89/-ක් ව පැවති සීනි කිලෝවක් සඳහා වන නැව තෙක් වූ මිල (F.O.B Price) මේ වන විට රු.69/- දක්වා අඩු වී ඇත. ඒ අනුව ආනයනික සීනි මත පනවා ඇති රු.10 ක වැඩි කරන ලද බද්ද හේතුවෙන් සීනි සඳහා වන වෙළඳපොළ මිලෙහි කිසිදු  බලපෑමක් ඇති නො වනු ඇත.


මේ අතර ආනයනික තෙත් මාළු කිලෝ ග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.75/- සිට රු.50/- දක්වා රු.25කින් අඩු කර ඇත. 


මේ දිනවල පවත්නා ආපදා තත්ත්වය මත මත්ස්‍ය නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් දේශීය පාරිභෝගිකයින්ට සහනයක් ලෙස මෙසේ තෙත් මාළු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.25කින් අඩු කර තිබේ. ශ්‍රී ලංකාවට මසකට දළ වශයෙන් තෙත් මාළු මෙට්‍රික් ටොන් 2000ක් පමණ ආනයනය කරනු ලබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.