• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2324 වැනි පොසොන් පොහොය අදයි

Poson udawa2017බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම මෙරටට දායාද වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.


මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට බුදු දහම රැගෙන වැඩම කර අදට වසර 2324 ක් සපිරේ.



පොසොන්පුර පසලොස්වක පොහොය දිනයේ දඹදිව රජකම්කළ ධර්මාශෝක අධිරාජ්‍යාගේ දෙටු පුත් අනුබුදු මිහිදු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ ධර්ම දුත පිරිස මිහින්තලය පුදබිමේ පිහිටි මිස්සක පවුවට වැඩමකර දඩකෙලියේ යමින් සිටි දේවානම්පියතිස්ස මහ රජතුමා ඇතුළු හතලිස් දහසක් පිරිවර තිසරණ සහිත පංචශිලයේ පිහිටුවා බුදු බණ දේශණාකර  සම්බුද්ධ ශාෂණය ප්‍රතිස්තාපනය කිරිම සිහිපත් කෙරෙන 2324 වෙනි ඓතිහාසික පොසොන් පොහොය දිනය ඒ අනුව අදට (08) යෙදී තිබේ.


මිහිදු සංස්කෘතිය රැනගනිමු පිළිවෙතින් පෙළ ගැසෙමු යන තේමාව මුල් කර ගනිමින් පසුගිය (05) වනදා ජාතික පොසොන් සතිය ආරම්භවූ අතර පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර අටමස්ථානය මිහින්තලය,තන්තිරිමලය අවුකන හා විජිතපුර ඇතුළු අනුරාධපුර දිස්ත්‍රීක්කයේ සියළු වෙහෙර විහාරස්ථානයන්හි අද දිනයේ දාන, ශිල, භාවනා වැඩසටහන් වලට මුල්තැන දෙමින් පොසොන් පොහෝය සැමරීම සිදුවේ.


මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මහ මෙවුනා පිංබිමේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවත්වෙන පෙවෙස් සමාදන්වීමේ කටයුතු සිදුකරන්නේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශානාව පරිදිය. ස්වර්ණමාලී සෑරදුන් අභියස ආගමික වතාවත් සිදුකරන්නේ රුවැන්මැලි චෛත්‍යරාමාධිකාරි පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්ය.


අනුබුදු මිහිදු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ ධූත පිරිස වැඩමකල සම්බුද්ධ ශාෂනයේ මූලස්ථානය වශයෙන් සැලකෙන මිහින්තලා රජමහා විහාරයේ පෝදා වැඩසටහන් පැවැත්වනු ලබන්නේ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති හා භාරකාර පුජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමිපාණන් විසිනි.තන්තිරිමලයේ පුදබිමේ පැවත්වෙන ආගමික වතාවත් සිදුකරන්නේ තන්තිරිමලය රජමහා විහාරාධිපති පූජ්‍යතන්තිරිමලයේ චන්ද්‍රරථන නාහිපාණන් විසිනි.


මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනාව පරිදි වාර්ෂිකව සංවිධානය කරන අනුබුදු මිහිදු මාහිමිපානන්ගේ පිළිරුව වැඩම කරවන මිහිදු මහා පෙරහැර ඊයේ (07) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබුණි.ඊට අමතරව මිහින්තලය මැදමළුවේ පිහිටි ධාතුමන්දිරයේ තැම්පත්කර ඇති ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන උත්තම ධාතු වන්දනා වැඩසටහන ඊයේ (07) උදෑසන ආරම්භ වු අතර සර්වඥ ධාතු හා අනුබුදු මිහිදු ධාතු වන්දනා කිරිමට බැතිමතුන්ට ඉඩ සලසා තිබුණි.



පොසොන් උත්සවය වෙනුවෙන් අද (08) උදෑසන විට දිවයිනේ නන් දෙසින් බැතිමතුන් ලක්ෂ 10 කට අධික පිරිසක් අනුරාධපුර මිහින්තලය තන්තිරිමලය අවුකන විජිතපුර ඇතුළු වෙහෙර විහාර වන්දනාවට . පැමිණෙතැයි පොසොන් කමිටුව විශ්වාස කරයි.සිද්ධස්ථාන කරා පැමිණෙන සියලුම බැතිමතුන් සදහා අවශ්‍ය පොදු පහසුකම් වන ජලය, විදුලිය, සෞඛ්‍ය සනීපාරක්ෂ,ප්‍රරිවාහන සේවා සියල්ල ලබාදීමට පොසොන් කමිටුව කටයුතු කර තිබේ.


පොසොන් පොහොය නිමිති කරගෙන වන්දනාවේ පැමිණෙන බැතිමතුන් උදෙසා අනුරාධපුර නගරය ඇතුලු සියලු සිද්ධස්ථාන ආසන්නයේ දන්සැල් 300 කට වැඩි ප්‍රමාණයක් පැවැත්වීමට නියමිතය. පොසොන් සැරසිලි පහන් කූඩු බෞද්ධ චිත්‍රපටි ප්‍රදර්ශන පොසොන් සමරු කලාප සහ විශේෂ පොසොන් කලාපද අද (08) සවස සිට පැවැත්වීමට නියමිතවය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.