• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොලොන්නරුව පොසොන් මහා බත් දන්සල 57 වන වරටත්

He news 2017. 06 9පොලොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බණ්ඩාරනායක-සේනානායක පොසොන් මහා බත් දන්සල- 57 වන වරටත් ඊයේ (08) දහවල් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අභියසදී ජනාධිපති  මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

 



අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සමරමින් ඓතිහාසික සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොලොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙම බත් දන්සැල සංවිධානය කෙරේ.


 මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දන්සැල ආරම්භ කෙරිණි.

පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නායක ස්වාමින් වහන්සේ විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරනු ලැබීය.


දිවයිනේ නන් දෙසින් පොලොන්නරුව පූජා භූමිය වෙත පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජනතාවක් දන්සල වෙත පැමිණ සිටී අතර ඔවුන්ට ආහාරවලින් සංග්‍රහ කිරීමට ද ජනාධිපතිතුමා එක් විය.


පොලොන්නරුව පූජා භූමියට පැමිණෙන සැදැහැවත් ජනතාව වෙනුවෙන් අද සහ හෙට දෙදින පුරා දිවා රාත්‍රියේ දන්සල ක්‍රියාත්මක වේ.


දන්සල ආරම්භ කිරීමේ අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සිරිපාල ගම්ලත්, නාලක කොලොන්නේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.