• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සිරකරු සුබසාධක සංගමයේ සියවස් සංවත්සරය 13 වනදා

Prison Welfare2017 06 9සිරකරු සුබසාධක සංගමයේ සියවස් සංවත්සරය මේ මස 13 වන දින 4.00 ප.ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
මෙම දිනට සමඟාමී ව එදින බන්ධනාගාරව සිටින දිළිදු , නිවාස පහසුකම් නොමැති සිරකරු පවුල් 100ක් තෝරාගෙන නිවාස තනාදීමටත්, නිවාස ප්‍රතිසංස්කරණය, නිවාස සඳහා ඉඩම් කැබලි සපයාදීම, බන්ධනාගාරගතව සිටින දිළිදු සිරකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා වාර්ෂික ශිෂ්‍යත්ව 500ක් ප්‍රධානය කිරීම (මරණීය දණ්ඩනයට, ජීවිතාන්ත සිරදඩුවමට, 20ක් සිර දඩුවමට යටත් වූ සිරකරුවන්ගේ දරුවන්ට මෙහිදී ප්‍රමුඛතාවය හිමිවේ.) එමෙන් ම මව හෝ පියා බන්ධනාගාර ගත වීම නිසා ආර්ථික අපහසුතාවයෙන් පීඩාවට පත්ව සිටින පවුල් 500ක් තෝරා ඔවුන්ගේ පවුල් නඩත්තුව සඳහා ස්වයං රැකියා, සෞඛ්‍ය, අධ්‍යාපනික, උපදේශන ආධාර උපකාර සැපයීම, බන්ධනාගාර සිරදඩුවම් ගත කර නිදහස්ව යාමට ආසන්න සිරකරුවන්, සිරකාරියන් සඳහා යහපත් ජීවන කුසලතා පුහුණු සැසි බන්ධනාගාරය තුළ ආරම්භ කිරීම, බන්ධනාගාර ගතව සිට දඩුවම් ගෙවා නිදහස් වන සිරකරුවන්ට සිරකාරියන්ට ස්වං රැකියා සඳහා මූල්‍යාධාර, උපකාර, උපදේශන සේවා වැඩසටහන් ආරම්භ කර පවත්වා ගෙන යාම, බන්ධනාගාර ගත වන අධිකරණයේ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වන අය අතරින් සානුකම්පිත හේතු මත පමණක් සලකා බැලිය හැකි පිරිස හදුනා ගනිමින් උපරිම මුදල් සීමාවකට ද යටත්ව දඩ ගෙවා මුදා හැරීමට සැලැස්වීමේ වැඩසටහන ප්‍රවර්ධනය කිරීම, සැකකරුවන් හා සිරකරුවන් සඳහා නීති ආධාර සේවා සැපයීම, ආයතනික නෝවාසිකයින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට දායක වීමද සිදු කෙරෙන බව සිරකරු සුබසාධක සංගමයේ උප සභාපති ලයනල් වීරසිංහ මහතා පැවසීය.
 
 
උප සභාපතිවරයා මේ බව පැවසුවේ අද (09) පෙරවරුවේ බන්ධනාගාර මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
 
 
 
මෙම අවස්ථාවට සිරකරු සුබසාධක සංගමයේ  උප සභාපති ඇම්.ටී.සරත්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.