• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ADB වෙතින් ඇ.ඩො. මිලියන 2ක ප්‍රදානයක්

ADB aid 2017 6 9ගංවතුරෙන් සහ නාය යෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 2ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ.



ඊට අදාළ ගිවිසුම ඊයේ (09) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණ. 


ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකාවේ නේවාසික කාර්යාල ප්‍රධානී ටාඩාටේරෝ හයාෂි මහතා අත්සන් තැබූහ.


ආසියානු සංවර්ධන බැංකුවේ ආසියා පැසිෆික් ආපදා ප්‍රතිචාර පදනම මගින් ලබා දෙන මෙම ආධාර මගින් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට නියමිත ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.