• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විපතට පත් ජනතාවගේ සහන කටයුතුවලට මිලියන 180ක ආධාර

floodශ්‍රී ලංකාවේ ගංවතුර සහ නාය යෑම්වලින් විපතට පත් ජනතාවේ මානුෂීය සහන සැපයීමේ වැඩසටහනට නොර්වේ රජයෙන් රුපියල් මිලියන 180ක මුදලක් ලබා දෙන බව නෝර්වේජියානු විදේශ අමාත්‍ය බර්ගේ බ්රෙන්ඩ මහතා විසින් නිවේදනය කර තිබේ.

 



එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, කාන්තාවන්ගේ සහ ළමයින්ගේ පානීය ජලය,සනීපාරක්ෂාව,සෞඛ්‍ය අරක්ෂාව,අධ්‍යාපනය සඳහා සහන සැපයීමට මෙම ආධාර යොදවනු ලබයි.


රතුකුරුස සංවිධානය මඟින් රැදවුම් මධ්‍යස්ථනවල ජලය සහ සනීපාරක්ෂාව සළසා දීමටත් විපතට පත් වූවන්ගේ ජන ජීවිතය යළි අරම්භ කිරීමටත් අවශ්‍ය මූලික දේ ලබාදීමට මෙම ආධර යෙද වෙයි.


නෝර්වේ තනපති කර්යාලයේ මූල්‍යමය ආධාර මත ජතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ නොවේජිනියානු භූ තාක්ෂණික ආයතනය විසින් ශ්‍රී ලංකාවේ නාය යෑම තර්ජනයට මුහුණ පා ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරේ.


එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් හදිසි ආපාදවලට මුහුණදුන් අවස්ථාවලදී සහාය දීමට මූල්‍ය ආධාර ලබාදෙන ප්‍රධාන රටවල් හතර අතර නෝර්වේ රාජ්‍යයද සිටියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.