• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදෙස් රටවල හෙද සේවයට යන ලාංකික ශ‍්‍රමිකයින් පුහුණු කිරීමට ඕස්ටේ‍්‍රලියානු ආයතනයක් එක්වෙයි

Au news 2017 6 10විදෙස් රටවල රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන හෙද හා සාත්තු සේවිකා වෘත්තිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට Talisium නම්  ඕස්ටේ‍්‍රලියානු ආයතනය එකඟත්වය පළකොට තිබේ.



ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඊයේ (09) අත්සන් කරන ලදී. ඒ සඳහා කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ආර්.කේ.ඔබේසේකර මහතා අත්සන් කළ අතර, Talisium ආයතනය වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරී Tony Brennan  මහතා අත්සන් කරන ලදී. 



Talisium ආයතනය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තිකයින් පුහුණු කිරීම සඳහා ලොව පිළිගත් ආයතනයක් වන අතර සාත්තු සේවය හා හෙද වෘත්තියට අදාළ පුහුණු වැඩසටහන්, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා විදේශ ගතවන ලාංකික ශ‍්‍රමිකයින්ට ලබාදීම මේ හරහා සිදුවේ. පළමු අදියර යටතේ හෙද ක්ෂේත‍්‍රයේ සුදුසුකම් ඇති පුහුණු ශ‍්‍රමිකයින්ට වැඩිදුර පුහුණුවක් මෙමඟින් ලබා දෙන අතර,  ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රමිතීන්ට අනුකූල සහතිකපතක් නිකුත් කරයි. ඉන්පසු අදියරයන් යටතේ නුපුහුණු ශ‍්‍රමිකයින්ටද අවශ්‍ය පුහුණුව මෙම ආයතනය මගින් ලබා දේ. කාර්යාංශයේ මැදිහත්වීම මත මෙම පුහුණු වැඩසටහන් කි‍්‍රයාත්මක කරන අතර සියලු ම පාඨමාලාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවල කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි. 



මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ  ඕස්ටේලියානු මහකොමසාරිස් Bruce Hutchesson, ජ්‍යෙෂ්ඨ වෙළඳ හා ආයෝජන කොමසාරිස් Leonie Muldoon, කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරුන් වන ඩබ්.එන්.වන්සේකර, කිෂෝලි පෙරේරා, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්‍ෂමන් අබේගුණරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) මංගල රන්දෙණිය යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.