• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොලොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර ජනපති ප‍්‍රධානත්වයෙන්

He 2017 6 10පොලොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර පසුගිය (09) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික වටදාගෙය අසළින් ආරම්භ කෙරිණි.



චිරාගත සම්ප‍්‍රදායානුකූලව ජනාධිපතිතුමා මංගල හස්ති රාජයා මත කරඩුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ විය.


පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය පණ්ඩිත වෙඩරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හා දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය ආයතන, පුලතිසි ගොවි ජනතාව, ස්වෙච්ඡා සංවිධාන හා ව්‍යාපාරික ප‍්‍රජාවගේ පූර්ණ දායකත්වයෙන් වාර්ෂිකව මෙම පෙරහැර සංවිධානය කරනු ලබයි.


මහා සංඝරත්නය ප‍්‍රමුඛ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.