• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජපන් විශේෂඥ කණ්ඩායම් වාර්තාව ඇමැතිට

Appointment 2017දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ ව තාක්ෂණික අධ්‍යයනයක් සඳහා දිවයිනට පැමිණ ජපන් විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව පසුගිය දා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත භාරදෙනු ලැබීය.


මෙම ජපන් විශේෂඥ කණ්ඩායම 15දෙනෙකුන්ගෙන් සමන්විත වන අතර මෙහිදි ආපදා තත්ත්වයන් අවම කිරීම සඳහා ඔවුන් විසින් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කොට ඇත.

ආපදාවක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති ස්ථානයන් හි ජීවත්වන ජනතාව වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීම, එම ස්ථාන ස්ථායිකරණය කිරීම, හදිසි ආපදා තත්ත්වයකදී ඉන් ඉවත්වීමට එම ජනතාවට අවශ්‍ය පුහුණුව ලබාදීම, ගංගා ද්‍රෝණිවල ජල බැස්මක් ඇතිකිරීම වැනි කරුණු ජපන් විශේෂඥ කණ්ඩායම විසින් යෝජනා කොට ඇති කරුණු අතර වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.