• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඇමරිකානු නාවික හමුදාවේ “ලේක් ඊරි” නෞකාව කොළඹ වරායට

USS ERIE 2017 6 11ඇමරිකානු නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ ‍මෙහෙයුම් සඳහා ඊයේ (11) කොළඹ වරායට සේන්දු විය.


ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් ඩී මැක්ෆර්සන් මහතා බටහිර නාවික විධාන කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව භාර නිලධාරි කපිතාන් එම්එස්කේ මහවත්ත මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ. 


දින 14 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව පුහුණු වැඩසටහන් සහ හදිසි ආපදා තත්ත්වයකදී කියාත්මක වන ආකාරය පිළිබඳ වැඩසටහන් කිහිපයකට ද සහභාගී වනු ඇත. “ලේක් ඊරි” නෞකාව ජුනි මස 25 වන දින දිවයිනෙන් පිටවීමට නියමිතය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.