• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“ජනපතිට කියන්න” වැඩසටහන නව තාක්ෂණයත් සමඟ ඉදිරියට

Tell the President Program moving forward with new technology2017 6 13රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා  ජනාධිපතිතුමා වෙත කාර්යක්ෂම ව හා සරල ව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනම් ඵලදායී විසඳුම් ලබා දීමට පහසුකම් සලසමින් ආරම්භ කළ “ජනපතිට කියන්න” වැඩසටහනේ පරිගණක වැඩසටහන සකස් කිරීම ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනය මගින් සිදුකර තිබෙන අතර එය නිල වශයෙන් ජනාධිපති කාර්යාලය වෙත භාරදීම අද (12) පෙරවරුවේ සිදු විය.


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය යන මහත්වරුන් වෙත භාරදෙනු ලැබීය.


ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.


මහජනතාවට 1919 දුරකතන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ වෙබ්, ඊමේල්, තැපැල් යන ආකාරවලින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි, දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව “ජනපතිට කියන්න” වැඩසටහන හරහා ලබා දී තිබෙන අතර ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයෙන් පරික්ෂා කෙරෙන අතර, එහිදී එම පැමිණිලි / දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශ හෝ ආයතන වෙත යොමු කරනු ලබයි.


ඉහත සියලු කටයුතු නව තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ පරිගණක දත්ත පද්ධතිය හරහා කාර්යක්ෂමව ක්‍රියාත්මක වේ.
 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.