• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යාපන විශ්වවිද්‍යාලයේ සිසුන් විපතටපත් පාසල් සිසුන්ට ආධාර රැගෙන දෙවන වරටත් දකුණට

defence 2017 6 13පසුගියදා පැවතී අයහපත්  කාලගුණික තත්ත්වය යටතේ විපතට පත් දකුණේ සහෝදර ජනතාව වෙත සහන ලබාදීමට යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සිසුන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, යටගම්පිටිය කණිෂ්ඨ විදුහලට  රුපියල් ලක්‍ෂ තුනකට වැඩි වටිනාකමකින් යුත් පාසල් බෑග්, වතුර බෝතල්, ලිපිද්‍රව්‍ය සහ අනෙකුත් අධ්‍යාපනික උපකරණ ඇතුලත් පාසල් උපකරණ තොගයක් මෙන්ම පාසලේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් රුපියල් 30,000ක මුදල් පරිත්‍යාගයක්ද සිදුකෙරිණ.


ඒ අනුව මෙම ආධාර රැගත් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 14 දෙනෙක් යටගම්පිටියට පැමිණි අතර යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා එම කටයුත්ත සමබන්ධිකරණය කොට තිබුණි.


විපතට පත් පිරිස් වෙනුවෙන් සහන රැගෙන උතුරේ සිට දකුණට පැමිණි දෙවන සිසුන් කණ්ඩායම මොවුන් වන අතර, මෙයට පෙර සතියේ  සහයෝගිතාවය සහ සංහිඳියාව සංකේතවත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිට පැමිණි ශිෂ්‍ය කණ්ඩායමක් රුපියල් ලක්‍ෂ පහකට අධික පාසල් උපකරණ තොගයක් කළුතර දිස්ත්‍රික්කයේ කුකුළේගඟ මෝල්කාව මහා විද්‍යාලයට පරිත්‍යාග කරන ලදී. එහිදී පළමු වසර සිට දහතුන වසර දක්වා ඉගෙනුම ලබන සිසුන් 400ක් දෙනා සඳහා එම පිරිස පාසල් උපකරණ පිරිනැමීය.


මෙම ව්‍යපෘතීය සාර්ථක කර ගැනිම සඳහා කුකුලේ ගඟ ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක(IPSOTSL) ඇතුළු භටපිරිස් සහයෝගය දක්වා තිබූ අතර, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මැදිහත්වීම මත එම කටයුත්තද සම්බන්ධිකරණය කොට තිබුණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.