• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තායිවාන විශේෂඥ වෛද්‍යවරුන් දෙනියායට

Hon sagala rathnayake20170613අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන  අමාත්‍ය  සාගල රත්නායක මහතාගේ ආරාධනය මත, ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ මැදිහත්වීමෙන් පසුගියදා මෙරටට තායිවාන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණියහ.




මෙම වෛද්‍ය කණ්ඩායම දෙනියායේ දෙනියාය මාධ්‍ය විද්‍යාලය, පිටබැද්දර දන්කොලුව දුමින්දාරාම විහාරස්ථානය සහ බෙන්ගමුව චේතිය කන්දාරාමය යන ස්ථානවලදී වෛද්‍ය කඳවුරු තුනක් පවත්වමින් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදෙනු ලැබීය. 

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා ඇතිවූ ස්වභාවික විපත්වලින් පිඩාවට පත්වූ ප්‍රදේශවල ජනතාවට වෛද්‍ය කඳවුරු පැවැත්වීමට ඔවුන් ක්‍රියාකරනු ලැබීය. ඒ අනුව කොලොන්නාව, රත්නපුර, බලන්ගොඩ යන ප්‍රදේශවල සහ දෙනියාය ආසනයේ ස්ථාන කිහිපයකද වෛද්‍ය කඳවුරු පවත්වා ඇත.


මෙම වෛද්‍ය කණ්ඩායම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වූ අතර ඔවුන් දියුණු තාක්ෂණික වෛද්‍ය උපාංග භාවිතා කරමින් රෝග තත්ත්වය පරික්ෂාකර බැලීමද සිදුකෙරිණි. මෙම සියලු වෛද්‍ය කඳවුරු සංවිධානය කිරීමේ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ උපදෙස් මත ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ උපදේශක ලසන්ත ගුණවර්ධන මහතා ඇතුලු එම සංවිධානයේ සාමාජිකයන් විසින් සිදුකෙරිණි.


මෙ
සේ වසර කිහිපයකට පෙර සිට ම අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ආරධනය පරිදි, ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ මැදිහත්වීමෙන් මෙම තායිවාන විශේෂඥ වෛද්‍ය කණ්ඩායම මෙරටට අවස්ථා රැසකදීම පැමිණ වෛද්‍ය කඳවුරු පවත්වා තිබේ."

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.