• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ඉන්දියාවේ හයිද්‍රාබාද්,විසාකාපට්නම් සහ කොයිම්බටූර් වෙත නව ගුවන් ගමන් අරඹයි

srilankaශ්‍රීලංකන්  ගුවන්  සමාගම  ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම  විදේශ  ගුවන් සේවය  වශයෙන්  නව  ගමනාන්ත  3ක්  වන  හයිද්‍රාබාද් (Hyderabad),විසාකාපට්නම් (Visakhapatnam), සහ කොයින්බටූර් (Coimbatore)  වෙත  2017  ජූලි මස සිට  ගුවන්  ගමන් ආරම්භ  කරනු ඇත.



එමගින් ශ්‍රීලංකන් ඉන්දියාවේ ගමනාන්ත 14 වෙත  මෙහෙයුම් සිදුකරමින්  ඉන්දියානු සංචාරකයන්ට ගෝලීය  ගුවන් ගමන්  ජාලය හා සම්බන්ධ වීමේ අවස්ථා රැසක්  ලබාදීමට  ශ්‍රීලංකන් කටයුතු කර ඇත. මේ අනුව විසාකාපට්නම්,හයිද්‍රාබාද්,කොයින්බටූර් වෙත පිළිවෙලින් ජූලි 8,12 සහ 16  වැනි දිනයන් හි ගුවන්  ගමන්  ආරම්භ වේ.


දැනටමත්  ගුවන්  සමාගම  චෙන්නායි (Chennai), තිරිවනාතපුරම් (Trivandrum) තිරුචිරප්පල්ලි(Trichy) ,මුම්බායි (Mumbai) ,නව දිල්ලිය (New Delhi),බුද්ධගයාව (Gaya), මදුරෙයි (Madurai),වරණාසි (Varanasi),කොචින්( Kochi),බැංගලෝර් (Bangalore), සහ කල්කටා (Kolkata) වෙත  ගුවන් මෙහෙයුම් 108ක් සිදුකරනු ලබයි. 


ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ “ අපගේ මැද පෙරදිග,ඈත පෙරදිග සහ ඉන්දියානු සාගර කලාපයේ ඇති ගමනාන්ත  වෙත ඉන්දියානු සංචාරකයන්ට පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථා  ඉන්දියානු ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කිරිම තුළින් හිමිවන  බවයි. මෙම නව ගුවන්  ගමන්  තුළින්  ඉන්දියානු  සංචාරකයන්ට  ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය  ස්ථාන නැරඹීමේ අවස්ථාව උදාවන බවද ඒ මහතා කියා සිටියේය.   පසුගිය  වසර කිහිපය තුළ දිවයිනේ සංචාරක ක්ෂේත්‍රයේ සුපැහැදිළි වර්ධනයක් පෙන්නුම් කළ අතර  2016 වසරේ සංචාරකයන් මිලියන 2ට අධීක ප්‍රමාණයක් වාර්තා කරමින් 14.0% සංචාරක වර්ධනයක් පසුගිය වසර හා සැසඳීමේ  දී  පෙන්නුම් කර ඇත. 2016  වසරේ දී  ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට  356,729 ප්‍රමාණයක් පැමිණ ඇති අතර 2017 පළමු මාස 4 තුළ සංචාරකයන් 110,891 ප්‍රමාණයක්  මෙරටට පැමිණ ඇති බවද  ඒ  මහතා කියා සිටියේය.


එසේම  මෙම වසරේ  ඔක්තෝම්බර්  මස  29 වැනිදා සිට  අප ඕස්ට්‍රේලියාවේ  මෙල්බර්න් වෙත නොනවත්වා දෛනික  ගුවන්  ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර  එමගින් ඕස්ට්‍රේලියාව සහ  ඉන්දියාවේ ගමනාන්ත අතර ගුවන් සබඳතා පැවැත්වීමට හැකි  වන බව  වැඩිදුරටත්  ඒ මහතා කියා සිටියේය. 


ලෝකයේ  වැඩි වශයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් වන මාලදිවයින වෙත විශාල වශයෙන් මෙහෙයුම් සිදුකරන ගුවන් සේවය වන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමයි. එබැවින්  ඉන්දියානු සංචාරකයන්ට ගුවන් සමාගමේ විශාල ගුවන් ආවරණයක් ඇති මාලදිවයින වෙත සංචාරය  කිරීමේ  අවස්ථාව මෙමගින් හිමිවේ.  මාලදිවයිනේ දූපත් සමූහයේ දකුණු  දෙසට වන්නට පිහිටි  ගැන් දිවයින වෙත  පියාසර කරන එකම ගුවන් සේවය  වන්නේ ද  ශ්‍රීලංකන්  ගුවන් සමාගම වන අතර එය මාලදිවයිනේ අග නගරය වන  මාලේ වෙත ද දිනපතා ගුවන් ගමන් සිදුකරනු  ලබයි. 


ශ්‍රීලංකන් ගුවන් සමාගම තමිල්නාඩු ප්‍රාන්තය වෙත මෙහෙයුම්  සිදුකරන 4 වැනි ප්‍රධානතම ගමනාන්තය කොයින්බටූර්  වේ.  ඉන්දියාවේ  ප්‍රධාන තාක්ෂණික  ක්ෂේත්‍ර මධ්‍යස්ථානය  පිහිටි හයිද්‍රාබාද් නගරය  ඒ රටේ දකුණු  දිග ප්‍රාන්තයක් වන තෙලංගනා හි අගනගරය ද වේ  . එසේම   විසාකාපට්නම් බෙංගාල බොක්ක දෙස වන්නට පිහිටි අන්ද්‍රා ප්‍රදේශ් හි පිහිටි වරාය සහ කාර්මික නගරයකි. 


මෙම නව ගමනාන්ත ගුවන් ගමන් ජාලය වෙත එක්වීම සමඟ එහි ගෝලීය ගුවන් මෙහෙයුම් රටවල් 48 ගමනාන්ත 104 දක්වා ව්‍යාප්ත වනු ඇත. 


වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන් සේවා  සන්ධානයේ  සාමාජිකයෙකු  වශයෙන් ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලය  රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පුළුල් වී තිබේ. 


ගුවන් ගමන්  කාලසටහන පහත දැක්වේ:



 ආරම්භක අංශය

ගමනාන්තය

පිටත්වීම

පැමීණීම

මෙහෙයුම්  සිදුකරන දින

කොළඹ

හයිද්‍රාබාද්

පැය 0700  (දේශීය වේලාව)

පැය 855
(දේශීය වේලාව)

සඳුදා, බඳාදා, සිකුරාදා, ඉරිදා

හයිද්‍රාබාද්

කොළඹ

පැය 0950
(දේශීය වේලාව )

පැය 1145
(දේශීය වේලාව )

 

ආරම්භක අංශය

ගමනාන්තය

පිටත්වීම

පැමීණීම

මෙහෙයුම්  සිදුකරන දින

කොළඹ

විසාකාපට්නම් 

පැය 0710  (දේශිය වේලාව)

පැය 0910
(දේශීය වේලාව)

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සෙනසුරාදා, ඉරිදා

විසාකාපට්නම්

කොළඹ

පැය 1010
(දේශීය වේලාව)

පැය 1215
(දේශීය වේලාව)

ආරම්භක අංශය

ගමනාන්තය

පිටත්වීම

පැමීණීම

මෙහෙයුම් සිදුකරන දිනයන් 

කොළඹ

කොයිම්බටූර්

පැය 1330  (දේශිය වේලාව)

පැය 1435
(දේශීය වේලාව)

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, ඉරිදා

කොයිම්බටූර්

කොළඹ

පැය 1535
(දේශීය වේලාව)

පැය 1645
(දේශීය වේලාව)

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.