• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පර්චස් 40 ක ඉඩම කළුබෝවිල ශික්ෂණ රෝහලට

He 2017 06 14නැසීගිය ගල්ගෙවල ගෙදර චන්ද්‍රාවතී ෆොන්සේකා මහත්මියට සහ ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මහත්මීන්ට අයත්ව තිබු දෙහිවල‚ කළුබෝවිල‚ රෝහල පාර අංක 205 දරන ස්ථානයේ පිහිටි කෝටි 25ක පමණ වටිනාකමින් යුත් පර්චස් 40ක ඉඩම කළුබෝවිල ශික්ෂණ රෝහල සඳහා පරිත්‍යාග කර තිබේ.


ඊට අදාළ ඔප්පුව ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මහත්මීන් විසින් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඔප්පුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත භාර දෙනු ලැබීය.


මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරල කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.