• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ කඩිනමින් අරඹන්න

He 2017 6 14 3නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ සඳහා ජනපති උපදෙසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් බිලියන 05ක් 



සම්පූර්ණයෙන් නිවාස අහිමිවූවන්ට කුලී පදනම මත නිවාස ලබා ගැනීමට මසකට රුපියල් 7500 බැගින් මාස 03ක් සඳහා මුදල් 


පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.


එමෙන්ම එම නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිතුමා යටතේ පවතින ආයතනයක් වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් බිලියන 05ක මුදලක් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


ආපදා තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම නිවාස අහිමිවූවන්ට කුලී පදනම මත නිවාස ලබා ගැනීම සඳහා මසකට රුපියල් 7500ක් බැගින් මාස 03ක කාලයක් සඳහා මුදල් ලබාදීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.


ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති පශ්චාත් ආපදා ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදීය.


රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, කොළඹ ඇතුළු ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වන සහන වැඩපිළිවෙළ පිළිබඳ ඔවුහු දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කළහ.


විනාශයට පත් සම්පත් සහ ආයතන පිළිබඳ තක්සේරු ලබා ගැනීම මෙන්ම නැවත පදිංචිය සඳහා ඉඩම් හඳුනා ගැනීම සහ ඉඩම් පවරා ගැනීමේ කටයුතු මේ වන විට රජය මගින් සිදු කරමින් සිටින අතර එම කටයුතු කඩිනම් කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා තක්සේරු නිලධාරින්ගේ අඩු පාඩු පවතින්නේ නම් රේඛිය අමාත්‍යාංශ සහ පළාත් අමාත්‍යාංශ හරහා ඔවුන් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් නිලධාරින්ට උපදෙස් දුන්නේය.


 
විනාශ වූ පාසල් පද්ධතිය ප‍්‍රතිසංස්කරණය සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ව ද මෙහිදි නිලධාරින්ගෙන් කරුණු විමසු ජනාධිපතිතුමා විනාශයට ප‍්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියේදී පාසල්, රෝහල් සහ නිවාස ඉදිකිරීම වෙනුවෙන් ප‍්‍රමුඛතාවය ලබාදෙන ලෙස ද උපදෙස් දුන්නේය.


ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට ලැබුණු විදේශ ආධාර බෙදාදීම විධිමත් ක‍්‍රමවේදයකට අනුව විනිවිදභාවයකින් යුතුව සිදු විය යුතු බවට ද මෙහිදී නිලධාරින්ට දැනුම් දුන් ජනාධිපතිතුමා ඒවා බෙදාදුන් ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් විය යුතු බවත් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ආපදා කළමණාකරන අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යාමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.


එමෙන්ම සහනාධාර වශයෙන් ලැබුණු දෛනිකව භාවිතා කළ හැකි ද්‍රව්‍ය ගබඩාවල රදවා නොගෙන ජනතාව වෙත නිකුත් කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.


වගා හානි සඳහා වන්දි ගෙවීම, ආපදාවට ලක්වූ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා වන්දි ගෙවීම, විදුලිබලය, පානීය ජලය, මහා මාර්ග ඇතුළු හානියට පත්වූ යටිතල පහසුකම් පුනරුත්ථාපනය, කසළ කළමනාකරණය හා පිරිසිදු කිරීම, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම මෙන්ම ප‍්‍රාදේශීය මට්ටමින් ආපදා කළමනාකරණ සැලැස්මක් සැකසීම පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, මංගල සමරවීර, රවී කරුණානායක, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, සාගල රත්නායක, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ, තලතා අතුකෝරල, චන්දිම වීරක්කොඩි ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපති ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.