• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවට පත් නිවාස ඉදිකිරීමට සැලසුම් සකස් කළා- ඇමැති රාජිත

Rajitha Senපසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය තුළ හානියට පත් වූ නිවාස ඉදිකර දීම සඳහා කටයුතු සැලසුම් කර තිබෙන බව සමකැබිනට් ප්‍රකාශ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 



එක් නිවසක් වර්ග අඩි 650කින් සමන්විතව ඉදිවන අතර එම නිවසක් සඳහා රුපියල් මිලයන 2ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද  (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


විපතට පත්ව නිවාස අහිමි වූවන්ට කුලී පදනම මත නිවාස ලබාදීමට දැනටමත් අවශ්‍ය කටයුතු  සම්පාදනය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ආපදා තත්ත්වයෙන් පසු සිය ආදායම් මාර්ග අඩාල වූවන්ට දීමනා ලබාදීමට ද කටයුතු කරනු ලබන බව වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.