• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සදාචාරවත් මෙන්ම ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතු බව ජනපති පවසයි

He news 2017 6 14 4සදාචාරවත් මෙන්ම ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි. 


ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනි සේවයේ 38 වන සංවත්සරයට සමඟාමී ව එහි නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක් වෙමිනි.


මෙරට රාජ්‍ය මාධ්‍ය, ඉතිහාසයේ ඉතාමත් අයහපත් සහ අශීලාචාර ලෙස භාවිත කළ අවස්ථාවක් ලෙස සැළකිය හැක්කේ තමා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව බව ද  මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එදා තමන් වෙත එල්ලවූ අපවාද කිසිදු ජාතික දේශපාලනඥයෙකු හෝ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු වෙත එල්ල වී නොමැති බව ද කියා සිටියේය.


වසරින් වසර ඉදිරියට යන පරිණතභාවය වෙනුවට මීට වසර දෙක හමාරකට පෙර මහත් පරිහානියකට මෙරට රාජ්‍ය මාධ්‍ය පත් වූ අතර, එවන් ආකාරයේ පහත් මාධ්‍ය භාවිතයක් අනාගතයේදී රට තුළ සිදු නොවිය යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය. 


එදා එවන් නින්දා හා අපහාස තමන් වෙත එල්ල කළේ දුප්පත් පුංචි පවුලක මිනිසෙක් වූ තමා දැවැන්තයින් කියා ගන්නා අයට එදා ද විශාල අභියෝගයක් වූ නිසා බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමා ජනාධිපති ධූරයට පත්වූයේ තම පවුලේ කිසිවෙකු ජනාධිපති ධූරයට හෝ අගමැති ධූරයට ගෙන ඒමට නොවන අතර ඉදිරියටත් සියලූ අභියෝගවලට මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙළා ඉටු කරන බව  අවධාරණය කළේය. 


යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කළ හැක්කේ යහපත් මාධ්‍ය ව්‍යාපාරයක් තුළින් බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා නිදහස් මාධ්‍යයක යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට සියලූ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්, කළමණාකාරිත්වයන් මෙන්ම ජනමාධ්‍යවේදින් ද ඉදිරියේදී කැපවිය යුතු බව ප‍්‍රකාශ කළේය.


ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ මහල් 05 කින් යුත් නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

දකුණු ආසියාවේ ප‍්‍රථම වර්ණ රූපවාහිනි සේවය වන ස්වාධීන රූපවාහිනියේ කෞතුක භාණ්ඩ ඇතුළත් කෞතුගාරය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.


මාධ්‍ය ආයතනයේ බාහිර විකාශන රථය මෙන්ම නව මැදිරි සංකීර්ණය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.


කෝට්ටේ සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ගයන්ත කරුණාතිලක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද ස්වාධීන රූපවාහිනි සේවයේ හිටපු සභාපති රොස්මන්ඞ් සේනාරත්න මහතා ඇැතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ස්වාධීන රූපවාහිනි සේවයේ වැඩබලන සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා ඇතු`ථ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2017-06-14

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.