• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහනුවර දළදා මාලිගා පරිශ‍්‍රය ආශ්‍රිත ඓතිහාසික දේවාලයන්හි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

HEඉතිහාසයේ සිට පැවත එන සංස්කෘතික උරුමයක් වන පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීම කිසිවිටෙකත් නතර නොකරන බව ජනාධිපතිතුමා පවසයි.


ඇතැම් පිරිස් පවසන ආකාරයට, වසර දහස් ගණනක අපගේ හෙළ සිරිත් විරිත් වෙනස් කළ නොහැකි බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉතිහාසය සහ සම්ප‍්‍රදායන් ලොවට කියාපාන පෙරහැර මංගල්‍යය ඉදිරියේදී ද උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රජයේ සියලු අනුග‍්‍රහයන් ලබාදෙන බව ප‍්‍රකාශ කළේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර දළදා මාලිගා පරිශ‍්‍රය ආශ්‍රීත ඓතිහාසික දේවාලයන්හි කටයුතු පිළිබඳ ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.


පෙරහැර සඳහා අලි ඇතුන් ලබා ගැනීමේදී මතුව ඇති දුෂ්කරතා නිසා පෙරහැර මංගල්‍යය පැවැත්වීමේ දී අසීරුතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බවට මෙහිදී දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන් ජනාධිපතිතුමා වෙත කරුණු පෙන්වා දුන් අතර එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පින්නවල සහ ඇත් අතුරු සෙවණේ සිටින හීලෑ ඇතුන් ඒ සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසයි.


එමෙන්ම දැනට අධිකරණය භාරයේ සිටින පෙරහැර සඳහා සුදුසු අලි ඇතුන් බැඳුම්කරයක් මගින් පෙරහැර සඳහා යොදා ගැනීමට අනුමැතිය ලබා ගැනීම පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු විය.


මහනුවර දළදා මාලිගා පරිශ‍්‍රය ආශ්‍රිත ඓතිහාසික දේවාලයන්හි කටයුතු පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී නිලමේවරුන් කරුණු ඉදිරිපත් කළ අතර දේවාලවලට අයත් ඉඩම් නිරවුල් කර ගැනීම, දේවාල අලුත්වැඩියාවන් සහ නඩත්තු කටයුතු, පූජා භූමි ප‍්‍රදේශයේ කුණු ඉවත් කිරීමේ ගැටලු, බස්නායක නිලමේවරුන්ගේ ආරක්ෂාව සැපයීම ආදිය පිළිබඳ ව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.


මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ද, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.