• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනමාධ්‍ය ප්‍රමිතීන් සහ ග්‍රාහක අයිතීන් පිළිබද මධ්‍යම පළාත් කතිකාව මහනුවරදී

meetingජනමාධ්‍ය ප්‍රමිතින් සහ ග්‍රාහක අයිතීන් පිළිබද මහජන අදහස් ලබා ගැනීම සදහා ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද ජාතික ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලබන මධ්‍යම පළාත් වැඩසටහන මේ මස (17) පෙ.ව. 9.30 සිට 12.00 දක්වා මහනුවර යටිනුවර වීදියේ පිහිටි ඩෙවෝන් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 


මහනුවර විශ්ව කලා පදනම, අන්තර් ආගමික සාම පදනම සහ මධ්‍යම පළාත් සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන ගුරු සංසදයේ සංවිධානයෙන් පවත්වනු ලබන මෙම කතිකාවත තුලින් ගුණාත්මකභාවයෙන් යුත් මාධ්‍ය වෘත්තියක් ගොඩ නැංවීම සඳහා මධ්‍යම පළාතේ ජනතාවගෙන් අදහස් ලබා ගැනීමට නියමිතය.


රාවය පුවත්පතේ කර්තෘ කේ.ඩබ්.ජනරංජන, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අචාර්ය ලියනගේ අමරකීර්ති සහ ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ලේකම් කාර්යාලයේ ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ යන විද්වත් මණ්ඩලයක් මෙම කතිකාවතට එක් වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.