• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික ගුවන් සේවය ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සපයයි

Srilankan airline aid 2017 6 15ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සහ ශ්‍රිලංකන් කේටරින් කාර්ය මණ්ඩලය එකමුතුව  පසුගියදා රටේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන් සදහා සහනාධාර සපයමින් සිය දායකත්වය ලබාදෙන ලදී. 



මේ අනුව කාර්ය මණ්ඩලය විසින්  ලබාදුන් සියලුම පරිත්‍යාග ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (Disaster Management Center of Sri Lanka (DMCSL)  සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත බාරදිමට  කටයුතු කළ අතර එමගින් රාජ්‍ය ආයතන හරහා ආපදාවන්ට ලක්වූ ප්‍රදේශයන් හි ජනතාව වෙත බෙදා දීමට කටයතු  කරනු  ඇත. 


ශ්‍රීලංකන්  කාර්ය මණ්ඩලය විසින්  වියළි ආහාර,ඇදුම්,බෙහෙත්,සනීපාරක්ෂක භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය රැසක් ලබාදීමට කටයතු කරන ලදී.  මීට අමතර ව  ගුවන් සමාගම විසින්  කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථනය වෙත විදේශ රටවල් වලින් හිමිවූ සහනාධාර  භාණ්ඩ භාරදීම සදහා අවශය ගුවන් සත්කාරය  ලබාදී ඇත. 


පසුගිය  වසර වලදී ඇතිවූ ස්වාභාවික ආපදාවන් වලදී ශ්‍රීලංකන්  ගුවන් සමාගම සිය සහෝදර ජනතාව වෙනුවෙන් දායකත්වය ලබාදීම පිණිස සහනාධාර එකතුකර ඒවා රට පුරා බෙදා දීමට කටයතු කර ඇත. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.