• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

"සංහිදියාවයි සංග්‍රාම ශක්තියයි" රණවිරු උපහාර සංස්කෘතික ප්‍රසංගය ජනපති ප්‍රධානත්වයෙන්

hE NEWS 2017 6 15රණවිරුවන්ගේ උදාර කැපකිරීම් සිහිපත් කරමින් පවත්වනු ලැබූ "සංහිදියාවයි සංග්‍රාම ශක්තියයි" රණවිරු උපහාර සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.


ත්‍රීවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් ඉදිරිපත් කළ රැගුම්, ගැයුම්, වැයුම් ඇතුථ සංස්කෘතිකාංග රැසකින් මෙම ප්‍රසංගය වර්ණවත් විය.


ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද, අමාත්‍යවරුන් වන රවී කරුණානායක, ජෝන් අමරතුංග, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, දයා ගමගේ යන මහත්වරුන් ද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇතුථ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.