• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති විදේශ රැකියා ඇමතිනිය හමුවේ

Japan embassy 2017 6 15ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichisuga Numa මහතා හා ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Takefumi මහතා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එම අමාත්‍යංශයේදී අද (15) හමුවිය.



එහිදී ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට එරට රජය බලාපොරොත්තු වන බව තානාපතිතුමා සඳහන් කළේය. මෙම වැඩසටහන සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ තරුණියන්ගේ අනාගතයට සවියක් වන බවත්, ඊට අදාළ අවබෝධතා ගිවිසුම නොවැම්බර් මාසයේ අත්සන් කිරීමට නියමිත බවත්, අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.


මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.