• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති හමු වෙයි

He news 2017 6 16ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය සහ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.


පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය නියෝජනය කරන මහා සංඝරත්නය මෙම හමුවට එක්ව සිටියහ.


බෞද්ධ බුද්ධි මණ්ඩලයේ කටයුතුවල මෙතෙක් ප‍්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර බෞද්ධ බුද්ධි මණ්ඩලයේදී ගනු ලබන තීන්දු තීරණ නිසි අයුරින් ක්‍රියාත්මකවීම පිළිබඳ ව ද මහා සංඝරත්නය ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළහ.


විශේෂයෙන් පසුගිය කාලය තුළ මෙරට පිරිවෙන් අධ්‍යාපනය ලබා ඇති ප‍්‍රගතිය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.


පිරිවෙන් ගුරුවරුන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් සූදානම් කර තිබෙන අතර ඒ පිළිබඳ වද මහා සංඝරත්නය ජනාධිපතිතුමා දැනුම්වත් කළහ.


එමෙන්ම බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර ඒ සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම උසස් අධ්‍යාපනායතනවල ඉගෙනුමට පැමිණෙන විදේශ සිසුන්ට වීසා ලබාදීම වැනි කරුණු පිළිබඳව ද අවධානය යොමු විය.


ආගමික අධ්‍යාපනය සඳහා ගුරුවරුන් බඳවා ගැනීම. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග‍්‍රන්ථ මාලා මහානායක හිමිවරුන්ගේ අනුමැතියෙන් පත් කළ විද්වත් මණ්ඩලයක් මගින් සෝදුපත් බලවා සංස්කරණය කොට අන්තර්ජාලයට මුදාහැරීම,  පුස්කාළ පොත් සංරක්ෂණය, භික්ෂුණි අධ්‍යාපන ආයතන පිරිවෙන් ලෙස නඟා සිටුවීම සහ එහි ප‍්‍රමිතිය ඉහළ නැංවීම යන කරුණු පිළිබඳ ව ද සාකච්ඡාවට ලක් කෙරිණි.


බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.