• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන් 108 දෙනෙකු සහ විද්‍යාපීඨ 19ක් සඳහා ලැප්ටොප් පරිගණක

donet lap educationMඅඛණ්ඩ ගුරු පුහුණුව ක්‍රියාත්මක කිරීම උදෙසා පිහිටුවා ඇති ගුරු මධ්‍යස්ථාන 108ක කළමනාකරුවන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ලැප්ටොප් පරිගණක සහ ඩොන්ගල් බෙදාදීම පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි.



ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නවීන තාක්ෂණය ඇසුරින් වඩා ඵලදායී ආකාරයෙන් සිදුකිරීම උදෙසා ගුරු මධ්‍යස්ථාන 108ක් සඳහා එක් පරිගණකය බැගින් ද , විද්‍යාපීඨ 19ක් සඳහා පරිගණක 02 බැගින් ලැප්ටොප් පරිගණක 150ක් මෙහිදී බෙදාදෙනු ලැබීය.



අඛණ්ඩ ගුරු අධ්‍යාපන පාඨමාලා මගින් ඉගැන්වීමේ ගුණාත්මකභාවය නගාසිටුවීම, එක් එක් පළාත් මධ්‍යස්ථාන මගින් ගුරුවරුන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විවිධ විශේෂිත ගුරුවරුන් එක් ස්ථානයකට ගෙන ඒම, දුරස්ථ අධ්‍යාපනය මගින් මෙතෙක් ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන්ට නේවාසිකව අදහස් හුවමාරු කර ගැනීමෙන් අත්දැකීම් ලබා ගැනිම, විවිධ අධ්‍යයන මට්ටම්වල අඛණ්ඩ ගුරු අධ්‍යාපන පාඨමාලා ඉදිරිපත් කිරීම, සියලුම ගුරුවරුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීම සහ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉමට අදාළ මොඩියුල වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මෙම ගුරු මධ්‍යස්ථානවල ප්‍රධාන අරමුණු වේ.


මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම්, අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) අධ්‍යාපන විද්‍යාපීඨ කොමසාරිස්තුමන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.