• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මෙම වසරේ පළමු මාස පහ තුළ මාරක රිය අනතුරු 1104ක්

NCRS20172017 ජනවාරී 01 වන දා සිට මැයි 31 වන දින දක්වා සිදු වු මාරක රිය අනතුරු ප‍්‍රමාණය 1104ක් වන අතර ඉන් මිය ගිය සංඛ්‍යාව 1161ක් වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
 
 
මේ අතර, පදිකයන් 349ක් ද යතුරුපැදිකරුවන් 441ක් ද රියදුරන් 98ක් ද වේ.  එමෙන් ම මගීන් 163ක් ද පාපැදිකරුවන් 109ක් ද සිවිල් වැසියන් 01ක් ද වන බව එම සභාව වැඩිදුරටත් පවසයි. 


සෑම දිනකම පාහේ මාධ්‍ය වල සිරස්තල සැකසෙනුයේ රටපුරා සිදු වන මාර්ග රිය අනතුරු සම්බන්ධයෙනි. මෙවැනි දරුණු අනතුරු නිතර නිතර වාර්තාකරණය වීම තුළින් ඒවා සාමාන්‍ය දෛනික සිදුවීම් බවට පත්වී ඇති බව පෙන්වා දෙන එම සභාව, දිනපතා පුද්ගලයන් 8 දෙනෙකු මාර්ගය මත මිය යන බවත්, 20කට ආසන්න පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වන බවත් එම සභාව පැවසීය.


මාර්ග අනතුරු වලට ගොදුරු වුවන්, ඔවුන්ගේ පවුල්, හිතමිතුරන් මෙන්ම ඔවුන් අයත් සමාජ ඒකකයට ද මෙවැනි සිදුවීම් මගින් සිදුවන හානිය ගණනය කළ නොහැකි වේ.


මෙහිදි හප්පා පලා යන වාහන අනතුරු වලට ලක්වන වින්දිතයන් හට කිසිදු වන්දි මුදලක් නොලැබෙන අතර, එසේ පිඩාවට පත් වන බහුතරයක් අඩු ආදායම් ලබන පුද්ගලයන් වේ. තවද මෙසේ මියයාම හෝ සදාකාලික ආබාධයට ලක්වී ජීවිතයෙන් වන්දි ගෙවන්නේ එම පවුල් සංස්ථාවේ ආර්ථික නියමුවා වීම මහත් ගැටලුවකට හේතුවන කරුණකි.


ඒ අනුව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ  සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාගේ මැදිහත්වීම අනුව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව ඒ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී හප්පා පලා ගිය වාහන අනතුරු වලට ලක් වු වින්දිතයන් 24 දෙනෙකු සඳහා රුපියල් 3175000.00 (තිස්එක්ලක්‍ෂ හැත්තෑපන් දහක්) මුදලක් පරිත්‍යාග වශයෙන් ලබා දෙන ලදි. මෙහිදී මරණයට පත්වූවන් 08 දෙනෙක් සඳහා ඔවුන්ගේ පවුල් වල යැපෙන්නන් හට හා බරපතල ලෙස තුවාල සිදු වු 16 දෙනෙකුට මෙම මුදල් පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය. 


තවද 2017 ජනවාරී 01 වන දා සිට මැයි 31 වන දා දක්වා ත්‍රීරෝද රථ වලින් සිදු වු මාරක රිය අනතුරු ප‍්‍රමාණය 165ක් වන අතර ඉන් මිය ගිය ගණන 181ක් වන බවද එම සභාව පෙන්වා දෙයි. 


මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාගේ සංකල්පයක් අනුව ත්‍රීරෝද රථ රියදුරු බලපත‍්‍ර අපේක්‍ෂකයන් සඳහා ඇරඹෙන අඛණ්ඩ පුහුණු කිරීමේ වැඩසටහන මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිදු කිරීමට සියලූ කටයුතු සංවිධානය කර ඇති බවද එම සභාව වැඩිදුරටත් පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.