• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩෙංගු උවදුරින් බේරීමට සුපරික්ෂාකාරි වන්න - සෞඛ්‍ය ඇමැති

Hon rajitha senarathnaඉතා ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින ඩෙංගු උවදුර මැඬපැවත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිතුමා තීරණය කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 



රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


කුමන තරාතිරමක අයෙකු වුව ද මෙම රෝගයට ගොදුරු විය හැකි බැවින් සියලු දෙනා ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ලබාදෙන උපදෙස් පිළිපඳින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


සෑම සිකුරාදා දිනකම උදේ 9.30 සිට 10.30 දක්වා පැයක් කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා වෙන් කිරීමට ද තීරණය කර තිබේ.


මේ වන විට ඩෙංගු රෝගීන් 63,987ක් වාර්තා වී තිබෙන අතර ඩෙංගු රෝගීයෙක් හමු වූ විට ඔහු සිටින ප්‍රදේශයේ මීටර් 500ක ප්‍රදේශයකට දූමාරය ගැසීම සිදු වුව ද ඉන් නිසි පාලනයක් සිදු වන බව ප්‍රකාශ කළ නොහැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


නිසි කසළ කළමනාකරණය නොවීම හේතුවෙන් ද මෙම ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවනතාව තිබෙන බැවින් පොලීසිය ත්‍රිවිධ හමුදාවේ සහාය ඇති කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර තිබෙන බව සේනාරත්න මහතා පැවසීය.


මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මරණ ප්‍රතිශයක් 0.2% සිට 1%ක වැඩිවීමක් සිදු වී තිබෙන අතර අයි.ඩී.එච්. රෝහලේ රෝගීන් තදබද අවම කර ගැනීම සඳහා ද කටයුතු කර තිබෙන අතර අද (17) ජනාධිපතිතුමා ද එම රෝහලේ නිරීක්ෂණ සංචාරයකට එක් වූ බව ද ඒ මහතා සඳහන් කළේය.


ඩෙංගු මර්දන වැඩසටන සඳහා මේ වන විට 412ක බලකායක් බඳවාගෙන තිබෙන අතර එය 1500ක් දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. එසේම අවශ්‍ය රෙගුලාසි ක්‍රියාත්මක කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඕනෑම පරිශ්‍රයකට ඇතුල් වීමට අවසර ලබාදී තිබෙන අතර දඩ මුදල රුපියල් 5000 සිට 25000 දක්වා වැඩි කර තිබේ. එසේ වුවද මෙම තත්ත්වය මැඬපැවැත්වීම සඳහා ජනතාව ද අනිවාර්යෙන් මැදිහත් විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.