• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නවසීලන්ත රජයෙන් කිරි නිෂ්පාදනයට පූර්ණ සහය

ravikarunanayakeශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සංවර්ධනය කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ග්‍රැහැම් මෝර්ටන් මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.  එහිදී කොමසාරිස්වරයා තවදුරටත් පැවසුවේ මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය වෙනුවෙන් නවීන තාක්ෂණ දැනුමසේම ප්‍රතිපාදන ලබාදීමට සිය රට අපේක්ෂා කරන බවයි.

ලෝකයෙන් දුරස්වී සිටි ශ්‍රී ලංකාව වත්මන් යහපාලන රජයේ ප්‍රතිපත්තිය හේතුවෙන් යළි ලෝකය වෙත විවෘත වෙමින් සිටින බව රවී කරුණානායක අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.ලබන ඔක්තෝබර් මාසයේ දී සිදුකිරීමට නියමිත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නවසීලන්ත සංචාරය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවී තිබේ.  

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.