• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පෞද්ගලික රුධිර පරීක්ෂණ දෙකක මිළ පහතට

Rajitha senarathna 2017 picපෞද්ගලික අංශයේ රසායනාගාරවලින් සිදු කරනු ලබන පරීක්ෂණ දෙකක් සඳහා මිල ගණන් පහත දැමීම ලබන සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 



අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එම රෝගීන්ට සහන සැලසීම සඳහා මෙම තීරණය ගත් බවයි.


ඒ අනුව පූර්ණ රුධිර පරීක්ෂාව (Full blood count) සඳහා මේ වන විට අය කරන රුපියල් 750, 800 මිල ගණන්වලට උපරීම මිල රුපියල් 250 දක්වා අඩුකිරීමට සහ ක්ෂණිකව සිදු කරනු ලබන ඩෙංගු රසායනාගාර පරීක්ෂණය සඳහා අය කරනු ලබන රුපියල් 3000, 4000 වැනි මිල ගණනන් වෙනුවට එය උපරීම මිල රුපියල් 1000 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමන පනතේ පැවරී ඇති බලතල අනුව මෙය සිදු කරනු ලබන බව ද අමාත්‍යවරයා අද ( 17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.