• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ ආසියානු ක‍්‍රීඩා තරගාවලි සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමට පියවර

Dayasiri jayasekare2018 ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේ විශේෂ රැස්වීමක් ක‍්‍රීඩා අමාත්‍ය නිතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයන් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විය.



මෙහිදී මළල ක‍්‍රීඩා, අත්පන්දු, දැල් පන්දු ආදී ක‍්‍රීඩා කණ්ඩායම් 25කට අයත් ක‍්‍රීඩා සම්මේලන නිලධාරීන් සහභාගීවිය. ක‍්‍රීඩා අමාත්‍යවරයා ඔවුන් වෙත දැනුම් දුන්නේ සැප්තැම්බර් මාසය අවසන් වන විට සියලූ තේරීම් කටයුතු සිදුකර සංචිතගත කිරීම් අවසන් කරන ලෙසයි.


ක‍්‍රීඩා සංගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ට මෙහිදී තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳ ව අමාත්‍යවරයාව දැනුම්වත් කිරීමට ද අවස්ථාව හිමි විය.


එහිදී විදේශ පුහුණුකරුවන් ගෙන්වාගැනීම, ක‍්‍රීඩා උපකරණ හා අනෙකුත් පහසුකම්වල අවශ්‍යතාව වැනි ගැටලු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වූ අතර ක‍්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සැප්තැම්බර් මාසය වන විට එම සියලූ ගැටලූ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු යෙදිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.