• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පාසල් වල තොරතුරු තාක්‍ෂණ භාවිතයේදී ගැටලු වලට විසඳුම්

education techonologies 2017පාසල් පද්ධතිය තුළ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය භාවිත  කිරීමේදී මුහුණ පෑමට සිදුවන විවිධාකාරයේ ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කෙරේ.



මේ අනුව පාසල් සිසුන්ට ගුරුවරුන්ට මෙන්ම දෙමාපියන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු වලදී අවශ්‍ය විසඳුම් ලබාදීම සඳහා ඒ පිළිඹ ද ‍විශේෂඥ දැනුම සහිත කණ්ඩායමක් සහාය වනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශාඛාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒකාබද්ධ ව මෙය ක්‍රියාවට නංවා ඇත.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්  අන්තර්ජාලය පරිගණකය ජංගම දුරකතනය ඇතුළු තාක්‍ෂණික මෙවලම් තමන්ට මෙන්ම සමාජයට හිතකර ආකාරයෙන් භාවිත කිරීමට දිරි ගැන්වීම සහ ඇතැම් අවස්ථා වලදී අහිතකර ආකාරයෙන් කටයුතු කිරීම නිසා මතු වන ගැටලු වලදී නිසි මග පෙන්වීම මෙම ජාතික වැඩපිළිවෙළෙහි අරමුණවේ.


තවද මේ සඳහා අවශ්‍යය කෙරෙන තොරතුරු මෙන්ම මග පෙන්වීම සඳහා වෙබ් අඩවියක්ද ස්ථාපනය කිරීමට මෙන්ම මතුවන ගැටලු වලට සවන් දීමේ සහ පිළිතුරු ලබාදීමේ ක්‍රමවේදයක්ද සකස් කෙරේ.


මේ වන විට පාසල් පරිගණක ආරක්‍ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසද(EDUCSIRT) පිහිටුවීම සිදුකරමින් සිටින බවත්,  එහි ක්‍රියාකාරිත්වය සඳහා ගුරුවරුන් සියයකට  පමණ පුහුණුව ලබාදී තිබෙන බවත්, තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ පාසල් මට්ටමින් ස්ථාපිත කිරීම ආරම්භ කර තිබෙන බවත් නියෝජිතායතනය පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.