• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“සැමට සෙවණ ” නිවාස වැඩ සටහන- මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම හෙට

money donetionමෙම වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සැමට සෙවණ නිවාස වැඩ සටහන යටතේ  නිවාසලාභින් වෙත මුල්‍ය ප්‍රතිපාදන  ප්‍රදානය කිරිමේ  උත්සවය නිවාස හා ඉදි කිරිම් අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) සිදු කෙරේ.


ඒ අනුව මෙම උත්සවය හෙට පස්වරු 2.00 කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත බව  කෑගල්ල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.


මෙහිදි  ප්‍රතිලාභීන් 500 දෙනෙක් සඳහා මිලියන 50ක මුදලක් ලබා දීමට නියමිත බව කෑගල්ල  නිවාස සංවර්ධන අධිකාරියේ  දිස්ත්‍රික් කළමනාකරු අයි. එම්. චන්ද්‍රසේකර මහතා  වැඩිදුරටත් පවසායි.


මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ව ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.