• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ක්ලින්ටන් ගෝලීය සංසදයේ සමාරම්භක සැසියේ විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති එක් වෙයි.

presidentක්ලින්ටන් ගෝලීය සංසදයේ සමාරම්භක සැසියේ විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් වෙයි.

“ක්ලින්ටන් ගෝලීය සංසදයේ 2016 වාර්ෂික හමුව” ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි Sheraton New York Times Square හෝටලයේදී ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක සැසියේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහභාගී විය.

“තිරසාර සංවර්ධනය සඳහා කාන්තාවන් බලගැන්වීමේ මෙහෙයුම” තේමාව යටතේ රටවල් 12 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.මෙහි ආරම්භක දේශනය ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතාගේ දියණිය වන චෙල්සි ක්ලින්ටන් මහත්මිය (Chelsea Clinton) විසින් සිදු කළාය.

හමුවට එක්වූ රාජ්‍ය නායකයින් පිළිගැනීම බිල් ක්ලින්ටන් මහතා විසින් සිදු කළ අතර ගෝලීය එකමුතුව වර්ධනය සඳහා ශී‍්‍ර ලංකාවෙන් ලැබෙන දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණි.ඉතාලි අග‍්‍රාමාත්‍ය මැට්යුව් රෙන්සි (Matteo RENZI) ස්වීඩන අග‍්‍රාමාත්‍ය ස්ටැෆන් ලොෆ්වේන් (Stefan Lofven) යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.