• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගුරු හිඟය පියවීම සඳහා ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹීමේ අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි

He news 2017 6 20 1ගුරු හිඟය පියවීම සඳහා ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹිමේ සහ ගුරු මාරුවලදී ස්වාධීන ක‍්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කරයි.


ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් සමඟ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.


පසුගියදා පැවති 33 වන ප‍්‍රධාන අමාත්‍ය සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වූ ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමේ අරමුණින් සියලු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු මෙන්ම මධ්‍යම රජයේ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව සිදු විය.


පළාත් වශයෙන් පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව ද ජනාධිපතිතුමා කරුණු විමසීය.


නියමිත පරිදි සෑම වසරකම අයදුම්පත් කැඳවා අදාළ විභාග පවත්වමින් පරිපාලන සේවයට නවකයින් බඳවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.


එමෙන්ම පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු ඇතුළු අනෙකුත් අඩුපාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.


පළාත් පාලන ආයතනවල නිලධාරින් කොළඹ පැවැත්වෙන රැස්වීම් සඳහා කැඳවිමේදී ඒ සඳහා නිශ්චිත දිනයක් වෙන් කර ගැනීම මෙන්ම ඉදිරියේදී කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම පිළිබඳ ව ද සාකච්ඡාවට ලක්විය.


අදාළ පළාත් සභා මගින් ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහන් සහ වෙනත් සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර එහිදී මධ්‍යම රජය සහ පළාත් සභා අතර මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


පළාත් සභා සඳහා ලබාදීමට නියමිත ප‍්‍රතිපාදන සියයට සීයක්ම ලබාදීමට මේ වසරේදී කටයුතු කිරීම පිළිබඳ මෙහිදී උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත සිය ස්තූතියි පිරිනැමීය.


අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, මංගල සමරවීර, රාජිත සේනාරත්න, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ද, සියලු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ද මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ලේකම්වරු මෙම හමුවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.