• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නාවින්න රජමහා විහාරයේ සීමා මාලකය සහ ධාතු මන්දිරය සහිත දෙමහල් ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

He news 2017 6 20මහරගම, නාවින්න රජමහා විහාරයේ ඉදිකළ සීමා මාලකය සහ ධාතු මන්දිරය සහිත දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (19) පස්වරුවේ විවෘත කෙරිණි.


පෞරාණික වටිනාකම් රැසකින් ඓතිහාසික නාවින්න රජමහා විහාරය සමන්විත වන අතර, විහාරාංග සංවර්ධනය යටතේ ලක්ෂ සියයකට අධික මුදලක් වැය කරමින් මෙම අභිනව ධාතු මන්දිරය සහ සීමා මාලකය ඉදිකර තිබේ.


නාවින්න රජමහා විහාරාධිපති මොණරාගල දිස්ත්‍රික්කයේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පරදණ්ඩේ ඉන්ද්‍රරතන නායක හිමිපාණන් වහන්සේගේ ආරාධනය පරිදි ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.


අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර සීමා මාලකය සහ ධාතු මන්දිරය සහිත අභිනව ගොඩනැගිල්ල විවෘත කළේය.


කෝට්ටේ සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය පත්බේරියේ විමලඥාන නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය තීනියාගල පාලිත හිමිපාණන් වහන්සේ, නාවින්න රජමහා විහාරාධිපති පූජ්‍ය පරදණ්ඩේ ඉන්ද්‍රරතන නායක හිමිපාණන් වහන්සේ, විහාරාධිකාරී පූජ්‍ය පුස්සැල්ලේ සාරද හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.