• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළඹ දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

He 2017 6 21 1කොළඹ දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන පරිසර සමුළු වැඩසටහන් මාලාවේ ප්‍රථම සමුළුව ලෙස ,ඩෙංගු මර්ධනය සහ කැළි කසළ ප්‍රශ්නය, මැයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබුණි. මෙහි දෙවන සමුළුව පැවැත්වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමිනි.


ඩෙංගු රෝගය වළකාලීම සහ පාලනය සඳහා වන කඩිනම් වැඩපිළිවෙළ පිළිබඳව විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා මෙහිදී විශේෂ දේශනයක් සිදුකරනු ලැබීය.


 මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ඉංජිනේරු මහේෂ් ජයවීර මහතා ද කසළ කළමනාකරණය පිළිබද විශේෂ දේශනයක් සිදු කළේය.


මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.පී. ලෝගේෂ්වරන්, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.